Monday, April 29, 2024

General line - 0115112241

පැපුවා නිව්ගිනියාව වෙනුවෙන් අමෙරිකාව, චීනය සමග කඹ ඇදිල්ලක




චීනය විසින් ගෙන ඒමට නියමිත ආරක්ෂක ගිවිසුමක් ප්‍රතික්ෂේප කරන ලෙස අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැපුවා නිව්ගිනියාවෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැසිෆික් කලාපයේ පිහිටි පැපුවා නිව්ගිනියාවට අනතුරු අඟවමින් අමෙරිකාව  කියා ඇත්තේ චීනය සමඟ ඇති කර ගන්නා ඕනෑම ආරක්ෂක ගිවිසුමක් හේතුවෙන් ඔවුන්ට ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

“ආරක්ෂාව හෝ ආයෝජනය සම්බන්ධයෙන් චීනය සමග කටයුතු කිරීමේ ප්‍රතිවිපාකය ඉතා විශාල පිරිවැයක් වන බව දන්නවා. අප පැපුවා නිව්ගීනියාවට කියන්නේ එයයි, ”එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් පවසා තිබුණා.

පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය Justin Tkachenko පසුගිය සතියේ ප්‍රකාශ කළේ සිය රට  ආරක්ෂක ගනුදෙනුවක් සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. 

චීනය විසින් පැපුවා නිව්ගිනියා හි පොලිස් බලකායට පුහුණුව, උපකරණ සහ නිරීක්ෂණ තාක්ෂණය සමඟ සහාය වීමට ඉදිරිපත් වී ඇති බව විදේශ අමාත්‍යවරයා එහිදී පැවසුවා.

අමෙරිකාව සහ මිත්‍ර පාර්ශවිය රටක් වූ ඕස්ට්‍රේලියාව දශක ගණනාවක් පුරාවට පැසිෆික් මුහුදු කලාපය ඔවුන් යටතේ තබා ගනු ලැබුවා.

කෙසේ වුවද 2022 වසරේ දී සොලමන් දූපත් සමුහය චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, චීනය සමඟ ආරක්ෂක සබඳතා ඇති කර ගැනීමෙන් පැසිෆික් සාගරයේ පිහිටා ඇති අනෙක් රටවල්  වළක්වා ගැනීමට අමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව උත්සාහ කරමින් සිටියි.