Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දීය අගමැති කටාරයට




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටාරයේ සංචාරයකට සූදානම් වනවා.

ඒ, කටාරය විසින් අත්අඩංගුවට ගෙන මාස 18 ක කාලයක් පුරා රඳවා ගෙන සිටි ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 08 දෙනෙකු නිදහස් කිරීමෙන් අනතුරුවයි.

එම සිද්ධිය ඉන්දියාව සහ කටාරය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ශක්තිමත් අවස්ථාවක් ලෙස සැලකෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වී සිටිනවා.

ඔහුගේ එම සංචාරය අවසන් වන්නේ පෙබරවාරි 14 වනදායි.

සිය එක්සත් අරාබි එමීර් සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටාරය බලා පිටත්ව යනු ඇති.