Monday, April 29, 2024

General line - 0115112241

තායිවානය නිසා ස්විඩනයේ හිත රිදෙයි




ස්විඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලය එරට ගොතන්බර්ග් නගර සභාවට අනතුරු අගවා තිබෙනවා.

ඒ තායිවානය පදනම් කර ගනිමින්.

එම නගර සභාවේ පක්ෂ 02 ක නියෝජිතයින් තායිවානය සමග පවතින සබඳතා වර්ධනය කර ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා ස්විඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි විරෝධය පල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සිය රටේ දැඩි අවධානය යොමුව ඇති බව ද චීන තානාපති කාර්යාලය පවසා තිබෙනවා.

ඉන් නොනැවතුනු චීන තානාපති කාර්යාලය ගොතන්බර්ග් නගර සභාව වෙත දන්වා යවා ඇත්තේ තායිවානය යනු චීනයේ කොටසක් බවයි.

එබැවින් ඕනෑම රටක් එක චීනයක් යන ප්‍රතිපත්තියට ගරු කල යුතු බව ද ස්විඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලය අවධාරණය කර තිබෙනවා.

තායිවාන ප්‍රශ්නය චීනයේ අවශ්‍යතාවල හරය වන බැවින් දේශපාලඥයින් එය නිවැරදිව හැසිරවිය යුතු බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා ඇත්තේ.