Monday, April 29, 2024

General line - 0115112241

මැදපෙරදිග විශාලතම හින්දු කෝවිල විවෘත කෙරේ




මැදපෙරදිග විශාලතම හින්දු කෝවිල ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විවෘත කෙරුණා.

අබුඩාබි නගරයේ පිහිටි එම කෝවිල නම් කර ඇත්තේ Bochasanwasi Akshar Purushottam Swaminarayan Sanstha ලෙසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් 13 වනදා දෙදින සංචාරයක් ස‍ඳහා එක්සත් අරාබි එමීරයට පැමිණ සිටි අතර ඊට සමගාමීව හින්දු කෝවිල විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණා.

එය අබුඩාබි හි ඉදිවූ පළමු හින්දු කෝවිල ද වනවා.

කෝවිල ඉදිකිරීමට වැය කර ඇති පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 700 ක්.

අක්කර 27 ක භූමි ප්‍රදේශයක් කෝවිල වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

කෝවිල පිහිටි ගොඩනැගිල්ලේ උස අඩි 108 ක්.