Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දු - අමෙරිකානු ප්‍රබලයින් දෙදෙනෙක් අතර හමුවක්




අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ජර්මනියේ මියුනිච් නුවර පැවැති ආරක්ෂක සමුළුවට සමගාමීලවයි.

දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවයේ වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා රතු මුහුදේ අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඊට අමතරව ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබෙනවා.