Friday, October 18, 2024

General line - 0115112241

සෞඛ්‍යය වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම් දෙන්න අදත් රැස්වෙයි




වෛද්‍යවරුන්ට වැඩි කළ ඩැට් දීමනාව ඉල්ලා වර්ජනයේ  නිරත වූ සෞඛ්‍යය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ තාක්ෂණික කමිටුව අද යළි රැස් වනවා.

ඊට අදාළ තාක්ෂණික වාර්තාවක් සකස් කිරීමේ කටයුතු අදින් අවසන් කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ.

එහි අවසන් වාර්තාව හෙට දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව එම වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළා.


අද රැස්වන එම තාක්ෂණික කමිටුව අවදානයට යොමු කරන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.