Monday, May 6, 2024

General line - 0115112241

ආර්ථික අර්බුධය මැද පකිස්තාන වැසියන් රාමසාන් උපවාස සමයට සැරසෙයි




රාමසාන් උපවාස සමය එළඹීමත් සමග පකිස්තාන වැසියන් දැඩි අර්බුධයකට මුහුණ පා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

පවතින ආර්ථික අර්බුධය ඊට ප්‍රමුඛ හේතුව බවයි පැවසෙන්නේ.

සහන පැකේජ ලෙස විදෙස් මූලාශ්‍රවලින් ඩොලර් බිලියන ගණනින් මුදල් හිමිවුව ද ජනතාවට ප්‍රමාණවත් පරිදි සහන සැපයීමට පකිස්තාන බලධාරීන් අපොහොසත් වී ඇතැයි සඳහන්.

අඩු ආදායම්, සෑම භාණ්ඩයකම ඉහළ මිල ගණන් සහ හිස් වූ වෙලඳපොලවල් සහ ඒ සියල්ලටම ඉහළින්, ශුද්ධ වූ රාමසාන් මාසය පැමිණීම මේවනවිට පාකිස්තානයේ ජනගහනයෙන් බහුතරයකට ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ දූෂණ වංචා ඉහළ යාම පකිස්තානයට ආර්ථික අර්බුධයෙන් මිදීමට නොහැකි වී ඇති ප්‍රධාන සාධකයක් බවයි.