Saturday, April 27, 2024

General line - 0115112241

පකිස්තානයට තවත් ප්‍රශ්නයක්.




පකිස්තානය මුහුණ පා සිටින ආර්ථික සහ දේශපාලන අර්බුධ හමුවේ මිනිස් ජාවාරම්කරුවන් පකිස්තාන වැසියන් ඉලක්ක කර ගන්නා බව වාර්තා වනවා.

යුරෝපයට ඇතුළු වීමට උත්සහ දරණ පකිස්තානුවන් ඔවුන්ගේ ඉලක්කය බවයි වාර්තා වන්නේ.

පකිස්තානයෙන් පලා යාමට උත්සහ දරණ පකිස්තානුවන් බොහෝමයකගේ උත්සහය වන්නේ ඉරානය හරහා යුරෝපයට ඇතුළු වීමයි.

එලෙස රටින් පලා යාමය උත්සහ කරන පකිස්තානුවන්ගෙන් මිනිස් ජාවාරම්කරුවන් කප්පම් ලබා ගන්නා බවත්, වධහිංසා පමුණුවන බවත් සඳහන්.

යුරෝපයට පැමිණීමට අපේක්ෂා කරන පකිස්තානුවන් මිනිස් ජාවාරම්කරුවන් විසින් ඉරානයේ රඳවා තබා ගන්නා බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව ඔවුන්ව වහල්භාවයේ තබා ගනිමින් වධහිංසා පමුණුවා මුදාහැරීමට නම් කප්පම් ඉල්ලා සිටින බවයි අනාවරණ වන්නේ.

යුරෝපයට ඇතුළු වීමට උත්සහ කළ තරුණියන් 10 දෙනෙකුට පමණ එලෙස වධහිංසා පැමිණවීම ඉකුත් මාස තුනේදී පකිස්තානයෙන් වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකු මුදල් ගෙවා නිදහස් කර ගෙන ඇතැයි සඳහන්.

අනෙක් පිරිස ඉරාන පොලිසිය විසින් එරට පාකිස්තාන තානාපති කාර්යාලය සමඟ අනුබද්ධ වී මුදාගෙන තිබුණා.