Saturday, April 27, 2024

General line - 0115112241

ලොවක් කතා කළ ටයිටැනික් නැවේ දොරක් ඩොලර් ලක්ෂ 07ට වෙන්දේසි වෙයි




ටයිටැනික් චිත්‍රපටිය තිරගත වීමෙන් පසුව ප්‍රේක්ෂකයින් අතර වැඩිම කතාබහකට ලක්වූ දොරක කොටසක් හෙවත් ලී පුවරුවක් අමෙරිකානු ඩොලර් හත් ලක්ෂ දහඅටදහස් හත්සිය පනහකට වෙන්දේසි වී තිබෙනවා.

මෙතරම් විශාල මුදලකට වෙන්දේසි වී ඇත්තේ ටයිටැනික් චිත්‍රපටයේ අවසාන භාගයේ රෝස්ගේ දිවි බේරා ගැනීමට ඇය එල්ලී සිටින ලී පුවරුවයි.

1997 වසරේ මෙම චිත්‍රපටය තිරගත වූ දා සිට ප්‍රේක්ෂකයින් අතර මෙම       ලී පුවරුව සම්බන්ධයෙන් දැඩි කතාබහක් පැවතියා.

ඒ, රෝස් සහ ජැක් යන දෙදෙනාට එල්ලී සිටීමට තරම් එම ලී පුවරුව විශාල එකක් වූයේ කෙසේද යන්න පිළිබඳවයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටයිටැනික් අධ්‍යක්ෂ ජෙම්ස් කැමරන් පවසා තිබුණේ මෙම චිත්‍රපටය තිරගත වූ දා සිට     ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් දිනකට ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් ලැබුණු බවයි.

මෙලෙස වෙන්දේසි වී ඇති ලී පුවරුව අඩි 08ක් පළල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මෙම වෙන්දේසියට ඉන්දියානා ජෝන්ස්, ස්පයිඩර් මෑන් වැනි චිත්‍රපටවලට යොදාගත් ඇතැම් කොටස් එක්කර තිබුණ ද වැඩිම මිලකට වෙන්දේසි වී තිබුණේ ටයිටැනික් චිත්‍රපටයේ මෙම ලී පුවරුවයි.