Saturday, September 21, 2024

General line - 0115112241

අරිසෙන් අහුබුදුගේ පස්වැනි සැමරුමට සමගාමීව ‘අහුබුදු ෆොන්ට්’ එළිදකී




කලාසූරී අරිසෙන් අහුබුදු ගේ අත් අකුරු පාදක කොට ගනිමින් නිමැවුණු නව අකුරු හැඩය (Ahubudu Font) එළි දැක්වීම එළඹෙන 25 වැනිදා සිදු කෙරෙනවා.

ඒ අහුබුදු සූරීන්ගේ පස් වැනි සැමරුමට සමගාමීවයි. එළඹෙන 25 වැනි දින සවස 03.00 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම කටයුතු සිදු කෙරෙන අතර ඊට සමගාමීව නව වෙබ් අඩවිය හඳුන්වාදීම, රචනා සමූහයක් නිකුත් කිරීම ද සිදු කෙරෙනවා.

කතානායක කරූ ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් උත්සව කටයුතු සිදුවන බවයි අරිසෙන් අහුබුදු පදනම සඳහන් කළේ.