Saturday, July 27, 2024

General line - 0115112241

ලංගම ආදායම ඉහළට




ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනයේද විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ අධිවේගී මාර්ගවල ධාවනය කිරීම සඳහා අතිරේක බස් රථ ද සූදානම් කර ඇති බවයි.

මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 20කට වැඩි මුදලකින් ඉහළගොස් ඇති බවද ඔහු කියා සිටියා.

අද දිනයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් පෞද්ගලික බස් රථ සහ දුම්රිය සේවාද ක්‍රියාත්මකයි.