Saturday, May 4, 2024

General line - 0115112241

අර්බුධ පසෙකලා ඉන්දියාව මාලදිවයිනට සුබ පතයි




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊද් අල් ෆිතර් උත්සවය වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා. 

මාලදිවයිනේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය X පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ "ඊද්-අල්-ෆිතර් සුබ අවස්ථාවකදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාලදිවයිනේ  ජනාධිපති මොහොමඩ් මුයිසු වෙත උණුසුම් සුබපැතුම් පිරිනමන බවයි.

එමෙන්ම මාලදිවයිනේ ජනතාවට ද අග්‍රාමාත්‍ය මෝදි සිය සුබ පැතුම් එක් කර ඇතැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි ජාතීන් දෙක අතර පවතින සංස්කෘතික සහ ශිෂ්ඨාචාරමය සබඳතාවන් ඉස්මතු කරන බව ද එහි සඳහන්.

ලොව පුරා සිටින මිනිසුන්ට අප සියලු දෙනාම අපේක්ෂා කරන සාමකාමී සහ ඇතුළත් වූ ලෝකයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වන දයාව, සහෝදරත්වය සහ එකමුතුකමේ වටිනාකම් සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි සඳහන්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙලෙස මාලදිවයිනට සුබ පැතුම් එක් කර ඇත්තේ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් පවතින පසුබිමක් තුළයි.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ චීන හිතවාදී ප්‍රතිපත්තිය ඊට එක් හේතුවක් වුණා.

කෙසේවෙතත් මාලදිවයින් ජනාධිපතිවරයා ඉකුත් දා පවසා තිබුනේ එරට ලගම මිතුරා ඉන්දියාව වන බැවින් ණය සහන අපේක්ෂා කරන බවයි