Saturday, September 21, 2024

General line - 0115112241

පුවක් ආශ්‍රිත වෙළඳ නිෂ්පාදන තහනම් කරන්න යයි




පුවක් ආශ‍්‍රිත වෙළඳ නිෂ්පාදන ආනයනය තහනම් කිරීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ සහ පුවක් භාවිතය නතර කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආනයනය කෙරුණු පුවක් කන්ටේනරයක් මේ වන විට කොළඹ වරායේ නතර කර ඇතැයි ද එම පුවක් තොගය විනාශ කිරීමට පියවර ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍යයක් ලෙස අලෙවි කෙරෙන බාබුල් ද පුවක් ආශ‍්‍රිත වෙළඳ නිෂ්පාදනයක්.