Saturday, July 27, 2024

General line - 0115112241

වතු කම්කරුවන් හෙට වැඩ වර්ජනයකට සැරසෙයි




තම දෛනික වැටුප වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලී සන්ධානය පූර්ණ සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පලෙනි දිගම්බරම් පවසනවා.

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩිකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු සමාගම්වලට උපදෙස් ලබාදී තිබියදී වතු සමාගම් එම මුදල ලබාදීමට එකඟතාවය පළ නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය සිදු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුටත් සඳහන් කළේ.