Thursday, February 13, 2025

General line - 0115112241

පුංචි ඡන්දෙට ඒකාබද්ධ විපක්ෂයෙන් පුළුල් පෙරමුණක්




ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ පෙරමුණක් යටතේ තරග වදින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේ එම පෙරමුණට සම්බන්ධ වීමට ඕනෑම දේශපාලන පක්ෂයකට හැකියාව තිබෙන බවයි. මෙම පුළුල් ඒකාබද්ධ පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යහපාලන රජය පරාජය කරන බවත් පැවසුවා.

මෙම ඒකාබද්ධ පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන බවද රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියා.