අඩු ආදායම්ලාභීන් සඳහා විශේෂ මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදිරියේදී ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය සමයේ පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේදී සිදුව ඇති වැරදි හඳුනාගනිමින් නව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.
දැනට මහල් නිවාසවල පදිංචි වී සිටින අදාල නිවාසයන්හි නාමික අගය ගෙවා ගැනීමට නොහැකි පිරිස් සඳහා සහනයක් සැලසීමට අවාධානය යොමුව ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.