Thursday, February 13, 2025

General line - 0115112241

බ්‍රසීලයේ ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නෙන් 10කට තුවාල




බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ සුප්‍රසිද්ධ සැණකෙළිය සඳහා ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

විෂ සහිත දුමාරය ආඝ්‍රාණය කිරීම හේතුවෙන් මෙම පිරිස රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් අට දෙනෙකුගේ තත්ත්වය බරපතල වනවා.

ගින්න ඇති වීමට පෙර එම ස්ථානයේ  20කට වැඩි පිරිසක් සිට ඇති අතර එම සියලු දෙනා නිදා සිටියදී මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගිනි නිවන භටයින් 90 ක් පමණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නෙන් පුද්ගලයින් 21 දෙනෙකු බේරා ගෙන තිබෙනවා.

ගින්නෙන් ඇඟලුම් කම්හලට හානි සිදුවී ඇති අතර එය කඩා වැටිය හැකි බැවින්, කර්මාන්ත ශාලාව සහ ළඟ ඇති ගොඩනැගිල්ලද  සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ