Thursday, February 13, 2025

General line - 0115112241

රජයේ මුද්‍රණාලයේ ඇතිවූ උණුසුම් තත්ත්වය සමථයකට පත්වෙයි




රජයේ මුද්‍රණාලයේ හටගෙන තිබූ උණුසුම් තත්ත්වය මේ වන විට සමථයකට පත්ව තිබෙනවා. 

මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ. 

ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එනවිට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇතිවීම මෙම සිද්ධියට හේතු වී තිබෙනවා. 

පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් එම සේවකයාට පහරදීමටද උත්සාහ දරා තිබෙන බවයි වාර්තා වුණේ.