Friday, March 29, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේදී දරුවෙකුට අසාධාරණයක්




අකුරැස්ස බෝපාගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම් ලබන මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට සිදු වූ බව කියන අසාධාරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස තමන් දැනුම්දී ඇති බවයි.

බෝපාගොඩ ප‍්‍රදේශයේ පදිංචි අශේන් උමිදු කේෂාන් නම් දරුවාගේ දෑත් ස්නායු රෝගයක් හේතුවෙන් අප‍්‍රාණික වී තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඔහුට අවශ්‍ය පහසුකම් සලසන ලෙස නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුව උපදෙස් පති‍්‍රකාවක්ද ශාලාධිපතිවරයාට යවා තිබූ බවයි දරුවාගේ මව නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

එහෙත් වැලිහේන කනිෂ්ඨ විද්‍යාලයේ විභාග ශාලාවේදී තම දරුවාට කිසිදු සහනයක් නොලැබුණු බවයි දරුවාගේ මව වැඩිදුරටත් කියා සිටියේ.

තම දරුවාට සාධාරණයක් ඉටුවේ යැයි අපේක්ෂා කරන බවද ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

Image00001akuressa Image00002akuressa Image00003akuressa Image00004akuressa Image00005akuressa Image00006akuressa Image00007akuressa