Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රීලනිප සහ ජවිපෙ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු සජබයට




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු සමගි ජනබලවේගයට එක්ව තිබෙනවා.      

ඒ, සමගි ජනබලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීමේදීයි.

එහිදී ඔවුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට එක්ව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් එලෙස සමගි ජනබලවේගයට එක්වූ පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමාත්‍යවරයකු වූ නන්දසේන හේරත් ද වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේද සමගි ජනබලවේගය හා එක්වූ තවත් අයෙක්.

ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ හිටපු මන්ත්‍රී එච් සමන්ත බණ්ඩාරද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා සමගි ජනබලවේගයට එක්ව තිබෙනවා.