අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 05ක සියලු රජයේ පාසල් හෙට දිනයේ නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් එලෙස නොපැවැත්වෙන බවයි එම
අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් පාසල්ද හෙට දිනයේ පැවැත්වෙන්නේ නැහැ.
දිවයිනේ සෙසු පාසල් සාමාන්‍ය පරිදි හෙට දිනයේ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.