Sunday, June 23, 2024

General line - 0115112241

නව ආර්ථික පරිවර්ථනය වෙනුවෙන් කළ යුතු දේ ජනපති පහදයි




නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඩිජිටල්කරණය සමඟ වේගයෙන් ඉදිරියට යායුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව නිල වශයෙන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව සඳහා වූ www.publiclearn.lk වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඩිජිටල්කරණය සමඟ වේගයෙන් ඉදිරියට යායතු බවයි.

මිහිදු මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමඟ බිහිවූ මෙරට අධ්‍යාපනය අදියර තුනක් යටතේ ක්‍රමිකව විකාශය වූ බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

මේ වනවිට ඩිජිටල්කරණය සමඟ විවෘත වේදිකාවක දැනුම බෙදා හදා ගැනීම දක්වා එය ඉදිරියට පැමිණ ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.