Saturday, September 28, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැටලු විසඳන්න මුදල් රාජ්‍ය ඇමති කල් ඉල්ලයි

නිහාල්සිරි ගම්ලත




වෘත්තීය සමිතිවල වැටුප් ගැටලු ඇතුළු අනෙකුත් ගැටලු පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වන මේ මොහොතේ සියලු රාජ්‍ය සේවකයන් මේ පිළිබඳව සිතා සිය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

මැතිවරණ වර්ෂයක් හේතුවෙන් වෘත්තීය සමිති ඔවුන් කෙරෙහි අවධානය යොමුකර ගැනීමට උත්සහයක යෙදෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙහිදී කියා සිටියා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ කුමන කණ්ඩායමක් බලයට පත් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමට සිදු වන බවයි රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියේ.