Saturday, September 28, 2024

General line - 0115112241

උරුමය වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන් කටයුතු කළ යුතු ආකාරය ජනපති දැනුම් දෙයි




“උරුමය” ජාතික වැඩසටහන යටතේ ජනතාවට ලබාදෙන සින්නක්කර ඔප්පු සම්බන්ධයෙන් සියලු දෙනාට සාධාරණය ඉටුවන ආකාරයෙන්, අදාළ දිස්ත්‍රික්ක නියෝජනය කරන රාජ්‍ය නිලධාරින් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනතාවගේ තොරතුරු සොයා බැලීමේදී ජනතාව සිටින එම ප්‍රදේශවලටම ගොස් එම අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසයි ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේ. 

පසුගිය කාලය තුළ මහජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ බවත් මේ වනවිට රට ආර්ථික මට්ටමෙන් යම් ස්ථාවර තත්වයක පැවතීම හේතුවෙන් සියලුම ජනතාවට සමානව සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි “උරුමය” ජාතික වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා  පැවසුවේ.