Saturday, September 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමට ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාම අරමුණ බව ජනපති කියයි 




ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එහිදි බලශක්ති ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර හවුල්කාරිත්වය ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දීම අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසුවා.

කොළඹ පැවති 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කාර හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.

ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් මෙම හමුවට ඉන්දීය හවුල්කරුවන් 600 කට අධික සංඛ්‍යාවක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.