Friday, June 28, 2024

General line - 0115112241

ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පත්වන කැබිනට් මණ්ඩලය ගැන ඉගියක්




රටේ දේශපාලන ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල මේ දිනවල විවිධ අදහස් පළ වනවා. දේශපාලන පක්ෂ රැසක් සිය පක්ෂයේ වැඩපිළිවෙළට බාධා කරමින් සිටින බවත් එම බාධා හමුවේ පක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බවත් සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

ජාතික ජනබලවේගය යටතේ පත්වන රජයකදී කැබිනට් මණ්ඩලය 25කට සීමා කිරීමට සිය පක්ෂය දැනටමත් යෝජනා කර ඇති බවයි කළුතර ප්‍රදේශයේ ජන හමුවකට එක් වෙමින් එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් සිය සහයෝගය ලබා දීමට සූදානම් බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.