Sunday, June 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 254 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 458 ක් විසිර යයි




ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 254 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පනස් පස් දෙනෙකු සහ ස්වේච්ඡා  ආධුනික නාවිකයන් එකසිය තුන් දෙනෙකු ඇතුළු ආධුනික නාවිකයින් හාරසිය පනස් අට දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 ජුනි මස 14 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර ගියා.

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් චමින්ද ගුණරත්න ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, වයඹ නාවික විධා‍නයේ ආඥාපති, රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ ‍සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරුණා.