Saturday, September 28, 2024

General line - 0115112241

ආර්ථිකය ශක්තිමත් කිරීමට සහය දුන් ගොවි ජනතාව අමතක නොකරන බව ජනපති තන්තිරිමලේදී කියයි




රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහය දුන් ගොවි මහතුන් අමතක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔවුන් සඳහා ඉදිරියටත් උපකාර කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

රට තවදුරටත් බංකොලොත්භාවයේ පවතින්නේ දැයි සිතිය නොහැකි තත්ත්වයක්  වර්තමානයේ දක්නට ලැබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඓතිහාසික තන්තිරිමලය රජමහා විහාරයේ විදුලි ආලෝක පූජාව සඳහා එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.

තන්තිරිමලය රජමහා විහාරස්ථානය වෙත ඊයේ පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලය රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත වුණා.

අනතුරුව විහාර මන්දිරය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඉන් අනතුරුව විදුලි පහන් ආලෝකය දල්වා තන්තිරිමලය ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා. 

මේ අතර පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඓතිහාසික තන්තිරිමලය පුද බිම වෙත පැමිණ සිටි ජනතාව අතරට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ  තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.