Sunday, June 23, 2024

General line - 0115112241

දුම්රියෙන් ඇද වැටී දුම්රිය නියාමකවරයෙකු අතුරුදන්




කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා ගනේමුල්ල සහ බුලුගහගොඩ අතරදී දුම්රියෙන් ඇද වැටී අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් දුම්රිය නියාමකවරයා පිළිබඳ කිසිදු තොරතුරක් තහවුරු කරගැනීමට නොහැකි වූ බවයි.

මේ වන විට යාල් දේවි දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ නතර කර තිබෙන බවත් දුම්රිය නියාමකවරයා අතුරුදන් වූ ස්ථානය යැයි සැක කෙරෙන ප්‍රදේශය සෝදිසි කිරීමේ කටයුතුවල නිරත වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.