Friday, October 18, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ සටන අද සිට




2024 පන්දුවාර 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට දෙනාගේ තරඟ වටයේ පළමු තරඟය අද පැවැත්වෙනවා.

ඒ, මෙවර තරඟාවලියේ සම සත්කාරක කණ්ඩායම වන අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරයි.

මෙවර තරඟාවලියේ මූලික වටයේදී  කාණ්ඩය නියෝජනය කළ අමෙරිකානු කණ්ඩායම එම වටයේ තරඟ හතරෙන් දෙකක් ජය ගත් අතර එක් තරඟයකින් පරාජයට පත් වුණා.

තවත් තරඟයක් අවසන් වුණේ විසඳුමකින් තොරවයි.      

ඒ අනුව ප්‍රසාද ලකුණු 5ක් හිමිකරගෙන අමෙරිකානු කණ්ඩායම  කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වෙමින් සුපිරි කණ්ඩායම් අට අතරට තේරී පත් වුණා.

ඒ, එම කාණ්ඩයෙන් තරඟ කළ ප්‍රබල පකිස්තාන කණ්ඩායමේ ලෝක කුසලාන ගමනටද තිත තබමින්.

දකුණු අපිකානු කණ්ඩායම මෙම තරඟාවලියේ පළමු වටයේදී A කාණ්ඩයෙන් තරඟ කළ අතර සහභාගී වූ තරඟ 4ම ජය ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඔවුන් සුපිරි අට දෙනගේ වටයට තේරී පත් වුණේ A කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගනිමින්. 

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

පන්දුවාර 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට දෙනාගේ තරඟ වටය පිළබඳ සැකසූ විශේෂ වීඩියෝවක් නෙත් නිවුස් අපගේ යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.