Sunday, September 29, 2024

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කළ හිමි නමක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට




මීගහතැන්න පොලිස් වසමේ ලිහිණියාව, මොරටුවත්ත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගහතැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අතර කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන 38 හැවිරිදි හිමි නමක්ද වන බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ගිරිබාව පොලිස් වසමේ මයිලෑව,  හස්තිකුජ්ජි රක්ෂිත ප්‍රදේශයේ පුරාවස්තු සහ කැණීම් සිදි කළ තවත් සැකකරුවෙකු ගිරිබාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.