Sunday, September 29, 2024

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම යටතේ තවත් වැටලීම් 691ක්




විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ මුළු වැටලීම් 691ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලට අදාළව සැකකරුවන් 677දෙනෙකු සහ සැකකාරියන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එම සැකකරුවන් අතරින් 32ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනීමටත්, සැකකරුවන් 18 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටත් නියමිතයි. 

මෙම මෙහෙයුම යටතේ බස්නාහිර පළාත තුළ පමණක් මුළු වැටලීම් 448ක් සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 149ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 134ක් සහ ගංජා ග්‍රෑම් 274ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.