Sunday, September 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට




2024 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, මෙම තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ අවසන් තරඟයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කළා.

තරඟයට වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය යටතේ බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 19කදී ලකුණු 114ක ඉලක්කයක් හිමි වුණා.

බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 05කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 105ක් පමණයි.