ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ ද ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ, කොළඹ ඊයේ පැවති ඔවුන්ගේ උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කරමින්.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ අද දින ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ ඇගයීම් දෙවන අදියරේ කටයුතුවලින්ද ඉවත් වන බවයි.
කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ අද දිනයේ සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බවයි.
නමුත් ඊයේ දිනයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වූ අවස්ථාවේ පාසල් අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වුණා.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද සහ හෙට සියලු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසුවේ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බවයි.