Tuesday, July 2, 2024

General line - 0115112241

ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද  පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලා තිබෙනවා.

කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා ලක්ෂයකට අධික සැදැහැවත් ජනතාව එක් වනවා.

පල්ලිය හා අවට පරිශ්‍රය තුළ එක් රැස් වන ජලය වෙල දක්වා ගෙන යාම සඳහා කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 06ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබේ.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 02ක් ලබාදීමට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන පූජකතුමා වන ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත භාර දුන්නේය.

මේ අතර සති අන්තයේ සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය වෙත පැමිණ සිටි කතෝලික ජනතාව අතරට ද ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක  නිරත විය.