Monday, July 1, 2024

General line - 0115112241

බස් ගාස්තු ලබන සඳුදා සිට සියයට පහකින් අඩු කෙරේ




බස් ගාස්තු ලබන සඳුදා සිට සියයට පහකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් සහ බස් සංගම් නියෝජිතයින් අතර අද පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් අඩුවන බවයි බස් සංගම් පැවසුවේ.

කෙසේවෙතත් ඩීසල් ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 30කින් පහළ දමා තිබුනේ නම් බස් ගාස්තු සැලකිය යුතු මුදලකින් අඩු කිරීමට තිබූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවා.