Monday, July 1, 2024

General line - 0115112241

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකාවට සිදුවන වාසිය ගැන විදේශ ඇමති කතා කරයි




විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අදාළ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17ක වාසියක් සිදුවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රී  පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.


අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා විශාල කාර්යක් සිදුකල බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පැවති තවත් මාධ්‍ය හමුවකදී කියා සිටියේ.


මේ අතර දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට නම් දැනුම ලබාදෙන මධ්‍යස්ථාන ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හොරණ, මිල්ලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළකළා. 


කෙසේවෙතත් ජනතාව අපේක්ෂා කර වෙනස ඇති කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවයි මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ.