Monday, July 1, 2024

General line - 0115112241

අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව ජනපති කියයි




දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් අගයමින් රාජ්‍ය ගෞරව ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආයතන, ජනමාධ්‍ය ආයතන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124 දෙනෙකු වෙනුවෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හා සම්මාන ප්‍රදානය කිරීම මෙවර ද සිදුකෙරුණා.