Monday, July 1, 2024

General line - 0115112241

අස්වැසුම සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට මෙම මස විශේෂ දීමනාව බැංකු ගිණුම් වෙත




අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ මෙම මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා සඳහා රුපියල් බිලියන 11යි දශම 06ක මුදලක් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත මුදා හැර තිබෙනවා.

ඒ, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්. වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවදානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඒ යටතේ  මෙම මාසය සඳහා සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, ලබන මාසයේ සිට ලබන දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.