Monday, July 1, 2024

General line - 0115112241

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක බිහිසුණු අනතුරකින් 6ක් මරුට




ඉන්දියාවේ නව දිල්ලි:මුම්බායි  අධිවේගී මාර්ගයේ ඊයේ රාත්‍රියේ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නව දිල්ලි:මුම්බායි සිට කිලෝමීටර් 400කට ආසන්න දුරින් පිහිටි ජල්නා දිස්ත්‍රික්කයේ  කඩ්වාන්චි ගම්මානය අසලදී 
රාත්‍රී 11 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 

ඉන්ධන පිරවීමෙන් පසු වැරදි පැත්තෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ රථයක් නාග්පූර් සිට මුම්බායි බලා යමින් තිබූ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන්නේ.

මෙම අනතුරින් 6 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා දිස්ත්‍රික් රෝහල වෙත යොමු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.