Wednesday, July 3, 2024

General line - 0115112241

හිරුණිකාගෙන් අභියාචනයක්

උදය කුමාර




වසර තුනක බරපතල සිරදඬුවම් නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා එම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

ලබාදී ඇති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරිණ ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.