Wednesday, July 3, 2024

General line - 0115112241

අද මැදියම් රැයේ සිට බස් ගාස්තු පහලට




අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා 

බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව පවසා සිටියේ.

ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට  5.07%කින් බස් ගාස්තු පහළ දැමීමටයි ජාතික ගමනාගමන  කොමිසම තීරණය කර තිබෙන්නේ 

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල රුපියල් 28ක් වෙනවා