Wednesday, July 3, 2024

General line - 0115112241

T20 ලෝක කුසලානය ජය ගත් ඉන්දියාවට ඩොලර් මිලියන 2.45ක තෑග්ගක්




මෙවර 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශූරයන් බවට පත් වීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා .

ඒ අනුශූර දකුණු අප්‍රිකාව ලකුණු 7කින් පරාජය කරමින් 

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ තරඟ වැදුණු කණ්ඩායම් වලටසහ  අර්ධ අවසන් වටය සඳහා පැමිණි කණ්ඩායම් වලට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) මුල්‍ය තාග්‍ය පිරිනමා තිබෙනවා.

ශූරයන් බවට පත්වූ ඉන්දීය කණ්ඩායමට ඩොලර් මිලියන 2.45 (ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 20.42) මුදලක් ලබා දී තිබෙනවා.

අසාර්ථක වූ දකුණු අප්‍රිකාව ඩොලර් මිලියන 1.28ක (ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 10.67) මුදලක් ලබා දී තිබෙන අතැර අවසන් පූර්ව වටයේ කණ්ඩායම් වන  එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් දෙකම ඩොලර් 787,500 බැගින් (ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 6.56) ලබා දී තිබෙනවා.