Wednesday, July 3, 2024

General line - 0115112241

ඇතැම් තීන්දු තීරණ නිසා ආර්ථිකය කඩා වැටුණ බව අනුර කැකිරාවේදී කියයි




රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අනිවාර්යයෙන්ම දේශපාලන වෙනසක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වීමෙන් සහ දේශපාලඥයන් ගත් ඇතැම් තීන්දු තීරණ නිසා ආර්ථිකය කඩා වැටුණු බවයි ඔහු කියා සිටියේ. කැකිරාව නගරයේ පැවති ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ රැලිය අමතමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මෙම අදහස් පළ කළා.


කෙසේවෙතත් ඉදිරියේදී රටේ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්දැයි ජනතාව මේ වනවිටත් අවබෝධ කරගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

අලුත්ගම, කාලවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් බේරුවලදී මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.