Tuesday, July 2, 2024

General line - 0115112241

සිව්දෙනෙකු මියගිය තංගල්ල ධීවර යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙකු බේරා ගැනේ




‘ඩෙවෝන් 05’ බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයන් දෙදෙනා සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් විසින් අද උදෑසන මුදවා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

මේ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාව වෛද්‍ය කණ්ඩායමක් සමඟ අදාළ සිංගප්පූරු වෙළඳ නෞකාව යාත්‍රා කරමින් පවතින මුහුදු සීමාවට ගමන් කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ.

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ‘ඩෙවෝන් 05’ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් 06 දෙනා මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇති වූ ආසාද්මික තත්ත්වයක් හේතුවෙන් ධීවරයන් සිව්දෙනෙකු එම යාත්‍රාව තුළම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය වැඩිදුරටත් පැවසුවේ.


අදාළ යාත්‍රාවේ සිටි ධීවරයන්ගේ දේහයන් ගොඩබිමට රැගෙන ඒමේ වැලපිළිවෙල සහ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය වැඩිදුරටත් මෙලෙස අදහස් පළකළා.