Tuesday, July 2, 2024

General line - 0115112241

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්




නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමඟ නැවත දැනුම්දෙනතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

අරාබි මුහුදු ප්‍රදේශයේ අක්ෂාංශ හයත් - විස්සත් සහ නැගෙනහිර දේශාංෂ 55ත් 68ත් අතර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 80 දක්වා තද සුළං ඇති වීම හේතුවෙන් එම ප්‍රදේශවල මුහුද ඉතා රළුවිය හැකි බවයි කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. 

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත්.