Tuesday, July 2, 2024

General line - 0115112241

ප්‍රංශයේ මහ මැතිවරණය අදින් ඇරඹේ




ප්‍රංශයේ මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙවර ප්‍රංශයේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ එරට පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 577ක් තෝරා පත්කර ගැනීම සඳහායි.

මෙම මැතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ පළමු වටයේදී සියයට 12යි දශම 05ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ඕනෑම අපේක්ෂකයෙකුට දෙවන වටය සඳහා ඉදිරිපත් විය හැකි බවයි.

ඒ අනුව දෙවන වටයේ ඡන්ද ප්‍රකාශ කිරීම ජූලි 07 වනදා සිදුකිරීමට නියමිතයි. 

මැතිවරණය පැවැත්විය යුතු කාලයට වඩා වසර 03ක් හදිසියේ මෙම මැතිවරණය නිවේදනය කර ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

කෙසේවෙතත් ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් සඳහන් කළේ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් 2027 දී ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් තමන් බලයේ රැඳී සිටින බවයි.