Tuesday, July 2, 2024

General line - 0115112241

මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට




සිරිතෝප්පු මුහුදු තීරය ඔස්සේ මුහුදු කූඩැල්ලන් තොගයක් ගොඩබිමට රැගෙන ආ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් පේසාලේ, සිරිතෝප්පු මුහුදු තීරය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදීයි.

එහිදී බලපත්‍ර නොමැතිව බෝට්ටුවක් මගින් ගොඩබිමට රැගෙන එමින් සිටි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 84ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්  පේසාලේ, තලෛමන්නාරම හා වංකාලෛ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 16ත් 35ත් අතර පුද්ගලයින් තිදෙනෙකු බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.