Tuesday, July 2, 2024

General line - 0115112241

ජනාධිපතිගේ බලාපොරොත්තුව ගැන වජිර හෙළි කරයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා එක්කර ගනිමින් එක් ආණ්ඩුවක් යටතේ ක්‍රියා කිරීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

වැටුණු රට ගොඩ ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකම බලාපොරොත්තුව බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

සියලු දේශපාලන පක්ෂ මේ වන විටත් ජනාධිපතිවරණය මුල්කර ගනිමින් විවිධ වැඩසටහන් පවත්වමින් ජනතාව මුලා කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටින බවයි කළුතර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ.


අපනයන කේන්ද්‍රීය වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කරමින් රට සංවර්ධනය කරා ගෙන යාම පාලකයන්ගේ වගකීම බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ සක්වල සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ.