Sunday, July 7, 2024

General line - 0115112241

කොළොන්නාව, කඩුවෙල සහ අවට ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්




කොළොන්නාව, කඩුවෙල සහ අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 09 සිට හෙට පස්වරු 03 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන නලයක නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශය සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ජල සැපයුම අදාළ කාල සීමාව තුළ අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපහවන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.